Monday, July 07, 2025
Follow Us
නිරූපමා මගේ සහෝදරියක්. ඒත් ඥාතිකමයි දේශපාලනයයි කියන්නේ දෙකක් - නාමල්

පැන්ඩෝරා පත්‍රිකා මඟින් චෝදනා එල්ල වී තිබෙන නිරූපමා රාජපක්ෂ සිය සහෝදරියක වුවත් ඥාතිකම සහ දේශපාලන යනු දෙකක් බවත් එම චෝදනා එල්ල වී ඇත්තේ 2005න් පසුව නොවන බවත් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පසුගිය කාලයේ දේශපාලනික වශයෙන් ඇය සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ බවයි ඇය සඳහන් කරන්නේ.

එම චෝදනා එල්ල වී තිබෙන්නේ 1990 සහ 1998 කාලය තුළ සිදු වූ ගණුදෙනු සම්බන්ධයෙන් වන අතර නමුත් රාජපක්ෂවරුන්ට ඇඟිල්ල දිගු කිරීමට නම් 2005න් පසු සිදු වූ ගණුදෙනු ගැන සඳහන් විය යුතු බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව චෝදනා එල්ල වී ඇත්තේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පාලන කාලය තුළ සිදු වූ ගණුදෙනු සම්බන්ධයෙන් බව රාජපක්ෂ මහතා කියා සිටියි.

(LNW)