Sunday, July 06, 2025
Follow Us
ගොවි ජනතාව‍ වෙනුවෙන් ජනාධිපති සමග සාකච්ඡා කිරිමට සූදානම්

ගොවි ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් තමන් ඇතුළු විපක්ෂය නොනැවතී අරගල කරන බවත්, තමන්‍ට සහ තම නියෝජිත පිරිසකට ජනාධිපතිවරයා සාකච්ඡාවකට ආරාධනා කර ඇති අතර එහිදීත් අවධාරණය කරන්නේ ගොවිජනතාව ජීවත් කරවීම උදෙසා වන කරුණු පිළිබඳව බවත් විපක්ෂ නායකතුමා පවසනවා. ඊයේ (08) ආනමඩුව මහඋස්වැව ප්‍රදේශයේදී පැවති වී ගොවීන්ගේ ගැටලු විමසීමේ ගොවි හදගැස්ම වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායකයා මේ බව පැවසීය.

කිසිවෙකු කිසි විටෙකත් දරදඬු තීන්දුවල නොසිටිය යුතු බව පෙන්වා දෙන විපක්ෂ නායකයා, අවශ්‍යතාවය පරිදි මෙන්ම ජනතාවගේ සුබසිද්ධිය උදෙසා අඩියක් පස්සට ගැනීමෙහි කිසිදු වරදක් නැතැයිද පවසනවා. එකවර කාබනික පොහොරවලට සහමුළින්ම ගොවිතැන හුරු කරවීමේ හැකියාව අතිශය අවම බවත් එය ක්‍රමානුකූලව, දිගුකාලීන සැලසුම් සහිතව කළ යුත්තක් බවත් සඳහන් කරනවා. ආණ්ඩුව විසින් ගන්නා හිතුවක්කාරී තීන්දුවල ප්‍රතිඵලය අවසානයේදී භූක්ති විඳීමට සිදුවන්නේ සාමාන්‍ය ජනතාවට බවද ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා.

මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිරෝෂන් පෙරේරා, හෙක්ටර් අප්පුහාමි, හිටපු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, සමගි ජන බලවේගයේ ආනමඩුව ආසන සංවිධායක ගාමිණී වඩිගමංගාව ඇතුළු දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයින් රැසක්ම එක් ව සිටියහ.

(LNW)