කෙරවලපිටිය යුදගනවි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකානු සමාගමට පැවරීමට අදාල ලිපි ලේඛන ඉදිරි දිනකදී පාර්ලිමේන්තුවේ සභාගත කරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි. අද පාර්ලිමේන්තුවේදී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා යොමුකළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් සභානායකවරයා මේ බව සඳහන් කළේය.
උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තු යවන බවට ආණ්ඩුව දුන් පොරොන්දුව අනුව ජනතාව තුනෙන් දෙකක බලයක් ලබාදුන් නමුත් මේ වනවිට දක්නට ඇත්තේ තමන් මෙතෙක් දුටු නරකම පාර්ලිමේන්තුව බවත් ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් ප්‍රදර්ශනය කරන්නේ ඔවුන්ගේ මුග්ධත්වය බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.
වයස අවුරුදු 60 ඉක්මවූ සහ විවිධ සංකූලතාවලින් හා නිදන්ගත රෝගවලින් පෙළෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණය කර තිබේ.
ලබන වසරේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දැමීමට ආණ්ඩුවේ නායකයන් තීරණය කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් දැනුවත් කර තිබෙනවා.
විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප අන්තනෝමතික ලෙස කප්පාදු කිරීමට ආණ්ඩුව සූදානම්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ලබන වසර සදහා වන අයවැය ඉදිරිපත් කරන ලබන 12 වනදා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද ප්‍රකාශ කළා. අද පෙරවරු 10ට ආරම්භ වූ විශේෂ පාර්ලිමේන්තු සැසිය ආරම්භ කරමින් කථානායකවරයා මේ බව සදහන් කළා.
මේ වනවිටත් නුවර එළිය දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂ මහජන නියෝජිතයින් වශයෙන් තමන්ට රෙදි ඇඳගෙන සමාජයට යෑමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති අතර හෙට අනිද්දා වනවිට ආණ්ඩුවේ කිසිවෙකුටත් පාරට බැස යා නොහැකි තත්වයක් නිර්මාණය වනු ඇතැයි තමන් ආණ්ඩුවේ නායකයින්ට ප්‍රකාශ කරන බව විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් ඊයේ පස්වරු 4ට (05) පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණා. එම අවස්ථාවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයින් එක්ව සිටියා. එහි විශේෂත්වය වූයේ එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සඳහා රවි කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග,ලක්ෂ්මන් විජේමාන්න යන අයද සහභාගීවී සිටීමයි . මෙහිදී ප්‍රධාන කාරණා දෙකක් පිළිබඳව සියලු දෙනාගේ අවධානය යොමු වී තිබුණා. ඒ ජනාධිපති වරයාගේ විදේශ සංචාරය සහ එක් රටක් එක් නීතියක් වූ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීම පිළිබඳවයි. මෙහිදී යෝජනා වුණේ එක් රටක් එක් නීතියක් පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කිරීම නීති විරෝධී බවයි. රටක නීතිය ශක්තිමත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා සහ නීතිපතිවරයා ප්‍රමාණවත් බව ද මෙහිදී අවධානය යොමු කෙරුණා.
Whilst stating that the SJB is not seen as an alternative by the people, MP Field Marshal Sarath Fonseka yesterday stressed for a programme to woo the dejected SLPP members at the grass root level through an effective propaganda machinery.
It is highly possible that a Cabinet reshuffle could take place in line with the upcoming Budget 2022, reports say.
නුවර එළිය, මීපිලිමාන ප්‍රදේශයේ ඊයේ (05) පැවති ගොවි උද්ඝෝෂණයක් අසලින් යෑමට පැමිණි රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතාට අයත් රථයකට හූ කියා පළවාහැරීමට එම උද්ඝෝෂණයේ නියුතු ගොවීන් කටයුතු කරන ආකාරය දක්නට ලැබිණි.
කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට ජනාධිපති නීතිඥ අලි සබ්රි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළ ඉල්ලා අස්වීමේ ලිපිය භාරගෙන නැතැයි වාර්තා වනවා.
ආර්ථික වශයෙන් කඩාවැටුණු රටක රජයේ පැවැත්ම ඉතාම අවිනිශ්චිත බැවින් වත්මන් රජයේ තනතුරක් නොදැරීම වඩාත් සුදුසු යැයි තමන් සිතන බවත් තනතුරක් ලබාදුන්නත් එය තමන් බාරනොගන්නා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවශ්‍ය ආකාරයට හැසිරිය යුතු බව ශ්‍රීලපොපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක තිස්සකුට්ටිආරච්චි මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. පොහොට්ටුවේ වෙනත් මැති ඇමතිවරුන් ද අවස්ථා ගණනාවකදී මීට සමාන අදහස් ප්‍රකාශ කරනු දැකගත හැකිවිය.
හොඳට තිබුණු ආර්ථිකය සම්පූර්ණයෙන් විනාශ කළේ විපක්ෂයේ දැන් සිටින අය ආණ්ඩු කළ සමයේ බවත් ජනතාව දැන් විඳින අමාරුකම් මේ තත්වයට උඝ්ර වුණේ ඔවුන් නිසා බවත් වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය තමන් ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නොසලකා කටයුතු කරන බැවින් එම තත්වය වෙනස් නොවන්නේ නම් තමන්ටත් වෙනත් ගමනක් ගැන කල්පනා කිරීමට සිදුවනු ඇති බව ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.
බැසිල් රාජපක්ෂ මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කිරීම බලරහිත කරන ලෙස ඉල්ලමින් උලපනේ සුමංගල හිමි ඇතුළු තිදෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනුකර තිබේ.
Page 232 of 552