තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේ කාන්තාවන්ට සිදුකළ අපහාසය, හිංසනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගතයුතු බව සමගි කාන්තා බලවේගය අවධාරණය කරනවා. මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.
තිස්සකුට්ටි ආරච්චි මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය තුළින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ සිට පහළට සියලු පුරුෂයන් කාන්තාවන් දෙස බලන ආකාරය, කාන්තාවන් පිළිබඳය සිතන ආකාරය පැහැදිලි වන බවද ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.
මීට පෙර අවස්ථා කිහිපයකදී පොදුජන පෙරමුණ නියෝජනය කරන මහජන නියෝජිතයන් කාන්තාවන්ට, තරුණියන්ට, දියණියන්ට බලහත්කාරකම් සිදු කිරීමේ සිදුවීම් වාර්තා වූ බවද, ඇතැම් පුද්ගලයන්ට එරෙහිව ගොනුකළ නඩු තවමත් ක්‍රියාත්මක වන බවද ඇය පවසනවා.
කාන්තාවන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කාන්තාවන් කායිකව මෙන්ම මානසිකවද හිංසනයට ලක්වන බව පෙන්වා දෙන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, එවැනි හිංසන සිදු කරන සියලු පුරුෂයන්ට පාඩමක් ඉගැන්වීම සඳහා මෙය අවස්ථාවක් කරගත යුතු බවත්, ඒ අනුව තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ පාර්ලිමේන්තුව ප්‍රකාශයක් සිදුකර කාන්තාවන්ගෙන් සමාව ගන්නා තත්වයට ඔහු අසරණ කළයුතු බවත් පවසනවා. සමාජ ජාලා භාවිතා කරමින් ඊට දැඩි බලපෑමක් සිදු කරන බවත්, ඒ සඳහා එකතු වන ලෙස සියලු කාන්තාවන්ගෙන් ඉල්ලා සිටින බවත් හිටපු මන්ත්‍රීවරිය වැඩිදුරටත් පවසනවා.
(LNW)