Thursday, July 10, 2025
Follow Us
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද පැවැත්වෙනවා. අයවැය දෙවනවර කියවීමේ විවාදය ඉකුත් 13 වනදා ආරම්භ වූ අතර එහි ඡන්ද විමසීම අද පස්වරු 05 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. 2022 වසරට අදාළ අයවැය යෝජනා ඉකුත් 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින්. අයවැය 03 වන වර කියවීම හෙවත් කාරක සභා විවාදය හෙට සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙනවා.

ආණ්ඩුව මෙවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය ලේඛණයේ සංඛ්‍යා ලේඛණ විශ්වාස කළ නොහැකි බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ.

(Neth)