Friday, January 09, 2026
Follow Us
පොලිස්පතිට එරෙහිව නඩු පැවරීමට සමගි ජනබලවේගය සැරසෙයි

පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා.

ඒ, සමගි ජන බලවේගය ඉකුත්දා කැඳවා තිබූ විරෝධතාවයට පොලීසිය බාධා එල්ල කිරීම සම්බන්ධයෙන්. භාෂණයේ නිදහස, සහ ගමන් කිරීමේ නිදහස උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් පොලිස්පතිවරයා එරෙහිව එලෙස නඩු පැවරීමට තී්රණය කළ බවයි සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පැවසුවේ.

ඒ අනුව ඉදිරියේදී පොලිස්පතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කරන බව පාර්ලිමේන්තු රංජිත් මද්දුම බණ්ඩාර වැඩිදුරටත් සදහන් කළා.

(Neth)