Thursday, July 10, 2025
Follow Us
කංසාවලින් ඩොලර් ගේන්න මන්ත්‍රී ඩයනා තවමත් උත්සාහයේ

කංසා ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය මෙරට තුළ වැඩිදියුණු කිරීම හරහා රටට අමෙරිකානු ඩොලර් බිලියන සියයක ආදායමක් උපයාගත හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පවසනවා.

නෙත් නිවුස් සමග සංවාදයකට එක්වෙමින් ඇය ප්‍රකාශ කළේ කංසා අපනයන කර්මාන්තයක් ලෙස වැඩිදියුණු කිරීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේද අකමැත්තක් නොමැති බවයි.

කංසා සම්බන්ධයෙන් දිගින් දිගටම ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේදීද අදහස් පළ කළා.

කංසා මත්ද්‍රව්‍යක් ලෙස තවදුරටත් තහනම් කළයුතු වුවත් එහි අපනයන වටිනාකම වැඩිදියුණු කරමින් ව්‍යවසායකත්වයක් අලුතින් නිර්මාණය කළයුතු බවයි ඩයනා ගමගේ මන්ත්‍රීවරිය පෙන්වා දෙන්නේ.

එසේ සිදුවුවහොත් පවතින ඩොලර් අර්බුදයට එමගින් පැහැදිලි විසදුමක් ලැබෙනු ඇති බවද ඇය වැඩිදුරටත් සදහන් කළා.

(Neth)