Sunday, January 11, 2026
Follow Us
Political

ලබන වසරේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දැමීමට ආණ්ඩුවේ නායකයන් තීරණය කර ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණට බලය හිමි පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් දැනුවත් කර තිබෙනවා.

Political

විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප අන්තනෝමතික ලෙස කප්පාදු කිරීමට ආණ්ඩුව සූදානම්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

Political

Samagi Jana Balawegaya (SJB) Parliamentarian Kavinda Jayawardana and a fisherman in Negombo today filed a Fundamental Rights petition in the Supreme Court challenging the legality of the gazette notification issued allowing the Urban Development Authority to acquire the Muthurajawela marshy lands.

Political

මේ වනවිටත් නුවර එළිය දිස්ත්‍රික්කයේ ආණ්ඩු පක්ෂ මහජන නියෝජිතයින් වශයෙන් තමන්ට රෙදි ඇඳගෙන සමාජයට යෑමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති අතර හෙට අනිද්දා වනවිට ආණ්ඩුවේ කිසිවෙකුටත් පාරට බැස යා නොහැකි තත්වයක් නිර්මාණය වනු ඇතැයි තමන් ආණ්ඩුවේ නායකයින්ට ප්‍රකාශ කරන බව විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පවසයි.

Political

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් ඊයේ පස්වරු 4ට (05) පක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණා. එම අවස්ථාවට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයින් එක්ව සිටියා. එහි විශේෂත්වය වූයේ එම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම සඳහා රවි කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග,ලක්ෂ්මන් විජේමාන්න යන අයද සහභාගීවී සිටීමයි . මෙහිදී ප්‍රධාන කාරණා දෙකක් පිළිබඳව සියලු දෙනාගේ අවධානය යොමු වී තිබුණා. ඒ ජනාධිපති වරයාගේ විදේශ සංචාරය සහ එක් රටක් එක් නීතියක් වූ ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවීම පිළිබඳවයි. මෙහිදී යෝජනා වුණේ එක් රටක් එක් නීතියක් පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කිරීම නීති විරෝධී බවයි. රටක නීතිය ශක්තිමත් කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා සහ නීතිපතිවරයා ප්‍රමාණවත් බව ද මෙහිදී අවධානය යොමු කෙරුණා.

Political

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර ඇති ලිත් නඩුව තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද යන්න පිළිබඳව නොවැම්බර් 11 වැනිදා වනවිට තීරණය කරන බව නීතිපතිවරයා අධිකරණය දන්වා තිබෙනවා.

Political

It is highly possible that a Cabinet reshuffle could take place in line with the upcoming Budget 2022, reports say.

Political

නුවර එළිය, මීපිලිමාන ප්‍රදේශයේ ඊයේ (05) පැවති ගොවි උද්ඝෝෂණයක් අසලින් යෑමට පැමිණි රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතාට අයත් රථයකට හූ කියා පළවාහැරීමට එම උද්ඝෝෂණයේ නියුතු ගොවීන් කටයුතු කරන ආකාරය දක්නට ලැබිණි.

Political

SLPP MP - S.B. Dissanayake said that the people should get used to facing hardships.

Political

ආර්ථික වශයෙන් කඩාවැටුණු රටක රජයේ පැවැත්ම ඉතාම අවිනිශ්චිත බැවින් වත්මන් රජයේ තනතුරක් නොදැරීම වඩාත් සුදුසු යැයි තමන් සිතන බවත් තනතුරක් ලබාදුන්නත් එය තමන් බාරනොගන්නා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවශ්‍ය ආකාරයට හැසිරිය යුතු බව ශ්‍රීලපොපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක තිස්සකුට්ටිආරච්චි මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. පොහොට්ටුවේ වෙනත් මැති ඇමතිවරුන් ද අවස්ථා ගණනාවකදී මීට සමාන අදහස් ප්‍රකාශ කරනු දැකගත හැකිවිය.

Political

සල්ලි තිබුණත් මේ වන විට බඩු නැති තත්ත්වයට පත්ව තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පැවසුවේය.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය තමන් ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 නොසලකා කටයුතු කරන බැවින් එම තත්වය වෙනස් නොවන්නේ නම් තමන්ටත් වෙනත් ගමනක් ගැන කල්පනා කිරීමට සිදුවනු ඇති බව ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.

Political

බැසිල් රාජපක්ෂ මහතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්කිරීම බලරහිත කරන ලෙස ඉල්ලමින් උලපනේ සුමංගල හිමි ඇතුළු තිදෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනුකර තිබේ.

Political

Parliamentarian Diana Gamage has filed a petition before the Supreme Court challenging the Samagi Jana Balawegaya (SJB) for expelling her party membership.

Political

වයස අවුරුදු 60 ඉක්මවූ සහ විවිධ සංකූලතාවලින් හා නිදන්ගත රෝගවලින් පෙළෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණය කර තිබේ.

Political

මෙරට ගොවි ජනතාවගේ අප්‍රතිහත ධෛර්ය හා උත්සාහය නිසා වසර 2010 පමණ​ වනවිට රට සහලින් ස්වයංපෝෂිත කිරීමට හැකිවීම රටක් ලෙස අප ලැබූ ජයග්‍රහණයකි. එම ජයග්‍රහණය උදෙසා කෘෂි විද්‍යාඥයින් හා විෂය පිළිබඳ ප්‍රාමාණිකයින් ලබාදුන් දැනුම හා නායකත්වයද අමතක කළ නොහැක. ආහාර සුරක්ෂිතතාවය සැලකූ විට පසුගිය දශකයකට වැඩි කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ පළමු ස්ථානය රැකගෙන තිබිණ. වසර 2019 වනවිට ලොව ආහාර සුරක්ෂිතතා දර්ශකයට අනුව 66 වන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබිණ. දේශීය​ තේ සහ කුරුඳු සඳහා ජාත්‍යන්තරයේ ඉහළ ඉල්ලුමක් ඇති වී තිබිණ.

Political

ඉදිරියේදී තමන් ප්‍රමුඛ ආණ්ඩුවේ සිටින සහෝදර පක්ෂ එකොළහට ආණ්ඩුවෙන් ඉවත්වීමට සිදුවන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.