Saturday, July 12, 2025
Follow Us
පොහොට්ටුවට බිම්මටම්මෙන් තවත් අනතුරු හැඟවීමක්. ලාහුගලත් අයවැය පරදී !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ලාහුගල ප්‍රාදේශීය සභාවේ 2022 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය ද පරාජයට පත්ව තිබේ.

අයවැයට විපක්ෂව ඡන්ද 11ක් ලැබී ඇති අතර ඊට පක්ෂව ලැබී ඇත්තේ ඡන්ද 7ක් පමණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේම මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ද අයවැයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බව සඳහන්.

පෙරේදා (22) දිනයේදී මේ ආකාරයෙන්ම මහව ප්‍රාදේශීය සභාවේ අයවැයෙන් ද පරාජයට පත්වීමට පොහොට්ටුවට සිදුවිය.

(LNW)