Saturday, July 12, 2025
Follow Us
ඔය නායකයෝ එක්කෙනෙක්ට රෑට නින්ද යන්නේ නෑ. තමන්ගේ හදවත දන්නවා තමන් කරපු වරද: හරීන්

පාස්කු ප්‍රහාරයට වත්මන් රජය වගකිව යුතු බව පැහැදිලිව ඔප්පු කර පෙන්වන බවත්, තමා කළ වරද සිහිවෙන බැවින් එහි කිසිදු නායකයකුට රාත්‍රියට නින්ද නොයන බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) දින බදුල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව තමා විසින් සිදු කරන ප්‍රකාශ කරන වල වචනයක් වරදින තුරු ආණ්ඩුව බලා සිටින බවත්, එසේ වැරදුන සැනින් තමා අත්අඩංගුවට ගැනීමට සූදානමින් සිටින බවත් ඒ මහතා සඳහන් කළේය. එසේ වචන වරදා නොගන්නා බවත්, වත්මන් රජය මෙම සිදුවීමට සම්බන්ධ බව මතු දිනක ඔප්පු කරන පෙන්වන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

වත්මන් රජය විසින් සිදුකරන සෑම ක්‍රියාවක්ම අසාර්ථක වන්නේ ඒ වරදේ දිට්ඨදම්මවේදනීය කර්මය පටිසන් දීම නිසා බව ද හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(LNW)