Saturday, July 12, 2025
Follow Us
ඩයනා ගමගේ ගොනුකළ පෙත්සමක් කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ගොනු කළ පෙත්සම දෙසැම්බර් මස 13 වනදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා.

ඒ අනුව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, සභාපති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු වගඋත්තරකාර පාර්ශවයන්ට විරෝධතා ගොනු කිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නේ.

ඒ අනුව පෙත්සමට එරෙහි විරෝධතා දෙසැම්බර් මස 13 වනදා ගොනු කිරීමට වග උත්තරකාර පාර්ශවයන්ට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

පෙත්සම අද කැඳවනු ලැබුවේ ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.


(Neth)