සමාජ මාධ්‍ය ඔස්සේ රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම තහනම් කරමින් සියලුම රජයේ සේවකයින් වෙත නියෝගයක් නිකුත් කර තිබේ.
ඇතැම් රාජ්‍ය නිලධාරීන් රජය සහ රජයේ ප්‍රතිපත්ති අනවශ්‍ය ලෙස විවේචනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පළ කරන බවට ලැබුණු පැමිණිලි කිහිපයක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා පවසන්නේ.
ඒ අනුව එම නියෝගය කඩකරන රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි අමාත්‍යාංශය එම නියෝගයෙන් දැනුම් දී ඇත්තේ.
(LNW)