Friday, January 09, 2026
Follow Us
ඉදිරි මැතිවරණය ගැන ශ්‍රීලනිප යේ අවසන් තීරණය ගැන ඇමති මහින්ද කතා කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ සඳහා තනිව තරඟ කරන්නේද යන්න පිළිබඳ අවසන් තීන්දුව පක්ෂ මධ්‍යම කාරක සභාව මඟින් තීරණය කරනු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එළඹෙන මැතිවරණයේදී තනිව තරඟ කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් බල මණ්ඩලයේදී ඉකුත්දා ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

(Neth)