Friday, January 09, 2026
Follow Us
අයවැය දෙවන වර කියවිමේ ඡන්ද විමසන දිනය මෙන්න

අයවැය විවාදයේ හයවන දිනය අදයි

අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ හයවන දිනය අදයි (20).අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

අයවැය දෙවන වර කියවිමේ ඡන්ද විමසීම නොවැම්බර් 22 වනදා පස්වරු 05.00ට පැවැත් වේ.

ලබන 23 වනදා සිට කාරක සභා විවාදය ආරම්භ වන අතර එය ලබන දෙසැම්බර් 10 වනදා දක්වා දින 16ක් පැවැත්වීමට නියමිතය.

දෙසැම්බර් 10 වන දින පස්වරු 05.00 අයවැය තෙවන වර කියවිමේ ඡන්ද විමසීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

(Aruna)