Saturday, January 10, 2026
Follow Us
අපට මේ ආණ්ඩුවත් එක්ක කිසිම ඩීල් එකක් නෑ. අයවැය ගැන තීන්දුව ඉරිදා ගන්නවා - රිෂාඩ්

අයවැයට ඡන්දය ලබාදෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ලබන ඉරිදා පක්ෂය රැස්වී තීන්දු කරන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදූර්දීන් මහතා පවසයි.

"පක්ෂය රැස්වෙනවා අයවැයට පෙර. ඒ වෙලාවෙදි ගන්න තීන්දුව අනුව අපි කටයුතු කරනවා. කිසිම ඩීල් එකක් මේ ආණ්ඩුවත් එක්ක අපට නෑ, අපේ පක්ෂයටත් නෑ. ඒ කාලයේදි කරපු සියලුම සංවර්ධන වැඩවලටත් අපිත් සම්බන්ධ වුණා. අයවැය සම්බන්ධව මම පාර්ලිමේන්තුවේදී පෙරේදා කතා කළා, අපේ මතය අපි කියලා තියෙනවා. නමුත් ඡන්දය දෙන එක සම්බන්ධව අපේ පක්ෂය ඉරිදා රැස්වෙනවා. පක්ෂය රැස්වෙලා ගන්න තීන්දුව උඩ අපි තීන්දු කරනවා"

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූර්දීන් මහතා මේ බව පැවසුවේ ඊයේ (18) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)