අශිෂ්ටත්වයට ශිෂ්ටත්වයෙන් පිළිතුරු නොසොයන ලෙසත් අශිෂ්ටත්වයට පිළිතුරු ලැබෙන්නේ අශිෂ්ටත්වයෙන්ම බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ආණ්ඩුවට එක්වනු ඇතැයි වාර්තා වනවා. මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක යන මන්ත්‍රීවරුන් එලෙස ආණ්ඩුවට එක්වීමට නියමිත බවයි වාර්තා වුණේ. ඔවුන්ගෙන් එක් අයෙකුට පමණක් කැබිනට් අමාත්‍ය ධූරයක් හිමිවනු ඇති බවටයි වාර්තා වුණේ. අනෙක් මන්ත්‍රීවරුන් සිව්දෙනාගෙන් තිදෙනෙකුට පමණක් රාජ්‍ය අමාත්‍ය ධූර හිමිවීමට නියමිතව තිබෙනවා.
තවත් කැබිනට් අමාත්‍යවරුන් 10 දෙනෙකු අද පෙරවරු 10.00 ට දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග පවසයි.
විපක්ෂයේ සිටින පාඨලී චම්පික රණවක මහතා ආණ්ඩුවට පැමිණ විදුලිබල අමාත්‍ය ධුරය භාරගන්නේ නම් තමන් ඕනෑම මොහොතක එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
රටේ පවතින අර්බුදවලට වගකිවයුතු ඇතැම් පුද්ගලයින් වත්මන් නව පාලනය පිටුපසත් අදිසි හස්තයක් සේ ක්‍රියාත්මක වෙමින් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා. ඒ, නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකට එක්වෙමින්.
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (21) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.
අමාත්‍ය ධුර, වරදාන වරප්‍රසාද වෙනුවෙන් සමගි ජනබලවේගයේ ඇතැම් මන්ත්‍රීවරුන් තම පෞද්ගලික මතය අනුව කටයුතු කරමින් ආණ්ඩුවට එක්වීමට වුවද හැකියාවක් ඇතැයි එම පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්වූයේ නීත්‍යනුකූලව බව එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති තනතුරට පත්වීම නීතිවිරෝධී ක්‍රියාවක් හා සම්ප්‍රදාය කඩ කිරීමක් ලෙස ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කළද සියල්ල සිදුවූයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බවද ලේකම්වරයා පවසනවා.
ඉකුත් 09 වනදා පැවති නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් ඇතැම් මන්ත්‍රීවරුන් සිය පක්ෂයට එල්ලකරන චෝදනා පිළිබඳ පොලිස්පතිවරයා සමඟ සාකච්ඡාවක් සිදුකරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
අද (20) උදෑසන 10.00ට නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 10 දෙනෙකු දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
රටේ ආර්ථික අර්බුදය විසදීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් විශේෂ යෝජනාවලියක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබෙනවා. රටේ වැදගත් ක්ෂේත්‍ර ගණනාවක් ඉලක්ක කර ගනිමින් මෙම යෝජනාවලිය ඉදිරිපත් කර තිබෙන බවයි කතානායක මාධ්‍ය අංශය සඳහන් කළේ.
Page 160 of 551