පාර්ලිමේන්තුවේ තිබෙන්නේ විකෘති පොහොට්ටු බහුතරයක් බවත් තිරසාර වැඩපිළිවෙළක් නැති ආණ්ඩුවකට කිසිදු රටක් උපකාර නොකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ආණ්ඩුව ලබාගැනීමට හෝ සර්වපාක්ෂික ආණ්ඩුව බිහිකිරීමට සමගි ජන බලවේගය කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව තීන්දුව තිරසාර බවත් තනතුරු තාන්න මාන්න වෙනුවෙන් කිසිවිටකත් ප්‍රතිපත්ති පාවා නොදෙන බවත් විපක්ෂ නායකයා සඳහන් කරනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාරේලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනානන්දු මීට නොබෝ වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා. ඒ, පැය හතර හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි.
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් පසුගිය කැබිනට් අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී ඉදිරිපත් කෙරුණු 21 වෙනිද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ පිටපත පහතින්.
Samagi Jana Balawegaya (SJB) working committee yesterday decided to participate in the government subjected to conditions, MP Eran Wickramaratne said yesterday.
Wijeyadasa Rajapakshe presents draft Bill despite attempts by some SLPP MPs to delay it
Informs Cabinet Constitutional amendments imperative to give powers to Parliament and PM to face present crises
MPs loyal to Basil Rajapaksa angered by disqualification of dual citizens from holding elected office
Draft Bill sent to all party leaders on instructions of President
Amendments to be finalised on Friday and sent back to Cabinet for final approval
‘මට හම්බවෙච්ච හොඳම මුදල් ඇමති තමයි අලි සබ්‍රි’ මෙසේ පවසන්නේ මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතායි. සිය සමීපතමයන් පිරිසක් සමග ඔහු මේ බව සඳහන් කර තිබේ.
කැබිනට් මණ්ඩලය සම්පූර්ණ කිරීමෙන් පසුව රාජ්‍ය ඇමතිවරුන් 40 ක් පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
වත්මන් රජය විසින් ඉදිරිපත් කර ඇති 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රෝඩාවක් බවත් එහි දෝෂසහගත බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් ද පෙන්වා දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට සම්බන්ධවීමේ බලාපොරොත්තුවෙන් සිටින බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඔවුන්ට ඉදිරියේදී රාජ්‍ය අමාත්‍ය ධුර හිමිවනු ඇති බවයි ඇමතිවරයා පවසන්නේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා මහජන එක්සත් පෙරමුණ අතර රටේ උද්ගතවී ඇති වර්තමාන ආර්ථික හා දේශපාලන තත්වය සම්බන්ධයෙන් මෙන්ම ඉදිරියේදී සිදු කිරීමට යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඇමති ධුර භාරගත් සිය මන්ත්‍රීවරුන් දෙදෙනා සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසීම ආරම්භ කර ඇති බවත් ඔවුන් ඊට දක්වන ප්‍රතිචාරය මත ඉදිරි කටයුතු සිදුකරන බවත් සමගි ජනබලවේගය පවසනවා.
මහ බැංකු අධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් අද පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා. එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවේ වත්මන් ආර්ථික අර්බුදය සහ ඒ සඳහා ඇති විසදුම් පිළිබද සාකච්ඡා කිරීම සඳහා එම නිලධාරීන් මුදල් කාරක සභාව හමුවට කැදවා ඇති බවයි.
රග්බි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට යැයි සඳහන් කරමින් රිෂ් නමැති සමාගමකින් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන සාපරාධී පරිහරණය කළේ යැයි සැකකෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ඉදිරිපත්කර තිබු පැමිණිල්ලක් සැප්තැම්බර් මස 21 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.
රාජ්‍ය බැංකුවලින් බිලියන ගණනින් ණය ලබා ගෙන නැවත සත පහක් හෝ ගෙවා නැති අරක්කු සමාගම් ගැන අද කෝප් කමිටු රැස්වීමේදී අනාවරණය වූ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.
Page 160 of 552