Thursday, January 01, 2026
Follow Us
ජනාධිපති වෙලාත් බැරිවුණු දේ දැන් කරන්නේ කොහොමද ? – මෛත්‍රීට පක්ෂය ඇතුළෙන්ම විරෝධයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එම පක්ෂයේම ජ්‍යේෂ්ඨයින්ගෙන් විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

ඒ, පසුගියදා පැවති එම පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් සඳහා නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් කැඳවා තිබිම සම්බන්ධයෙනි.

මේ දෙදෙනා ආණ්ඩුවට එකතුවී කැබිනට් අමාත්‍ය ධුර භාරගැනීමත් සමග ඔවුන් පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කිරීමට පක්ෂය තීරණය කර තිබියදීත් ඔවුන්ව නැවතත් පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡා සඳහා කැඳවන්නේ කුමකටදැයි මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එමෙන්ම විධායක ජනාධිපති ධුරය දැරූ සමයේත් ශ්‍රීලනිපය ගොඩනැඟීමට බැරිවුණු මෛත්‍රීපාල සිරිසේන මහතාට දැන් එය කිරීමට හැකිවන්නේ කෙසේද යන්න ද ඔවුන්ගේ ප්‍රශ්න කිරීමට ලක්ව තිබුණු බවත් වාර්තා විය.

LNW