Sunday, April 12, 2026
Follow Us
හිටපු අගමැති මහින්දගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ්

පසුගිය මැයි 09 වනදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ජුනි 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

තංගල්ල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙකු වන මෙම සැකකරු අද උදෑසන අත් අඩංගුවට ගෙන තිබිණි.

ඔහුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් එදිනට ඔහුව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමටත් නියෝග කෙරිණි.

LNW