අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් ගොනුකර ඇති දෙවැනි නඩුවට අදාලව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විසින් වරද පිළිගෙන තිබෙනවා. ඒ එම නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී.
ඒ අනුව අදාළ චෝදනාවට වරද පිළිගත් හිටපු මන්ත්‍රීවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 02ක සිර දඬුවම් නියම කළ අතර එය පස් වසරකට අත්හිටුවා තිබෙනවා.
බුවනෙක අලුවිහාරේ, එල්ල. ටී.බී. දෙහිදෙණිය සහ ගාමිණි අමරසේකර යන මහත්වරු න් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා.
2018 වසරේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ල පිළිබඳව රූපවාහිනී වැඩසටහනකදී රන්ජන් රාමනායක මහතා දැක්වූ අදහස් වලින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව සඳහන් කරමින් අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
මෙම චෝදනාවලට තමන් නිවැරදිකරු බව මුලින්ම රංජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා.
එහෙත් එම නඩුව ඉකුත් මාර්තු මස කැඳවනු ලැබූ අවස්ථාවේදී රන්ජන් රාමනායක අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ තමන් අදාළ චෝදනාවට වරද පිළිගන්නා බවයි.
ඒ අනුව ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙසත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණා.
ඒ අනුව අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු බුවනෙක අලුවිහාරේ ඉදිරිපත් වූ කරුණු සලකා බලා රන්ජන් රාමනායකට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කර එය වසර 5කට අත්හිටුවන බව සදහන් කළා.
ඒ අනුව අද දින සිට වසර පහක කාලයක් තුළ වෙනත් වරදකට වරදකරු වුවහොත් මෙම වසර දෙකක සිර දඬුවම ක්‍රියාත්මක වන බව ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා විවෘත අධිකරණයේ දී රංජන් රාමනායකට පැහැදිලි කර දුන්නා.
අද දින සිට වසර පහක කාලසීමාව තුළ වෙනත් කිසිදු වරදකට වරදකරු නොවූවහොත් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ මෙම දඬුවම නොකළා සේ සැලකෙන බවත් විනිසුරුවරයා රාමනායකට වැඩිදුරටත් පැහැදිලි කර සිටියා
Neth