යෝජිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන උතුරු නැගෙනහිර දේශපාලන පක්‍ෂ නායකයින් සමග ලබන සිකුරාදා සාකච්ඡා කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ පවසනවා.
විදේශිකයන් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද පැමිණි අවස්ථාවේ දී මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස්වුන හොත් ඉන් අනතුරුව පත්වන ජනාධිපතිවරයා බැසිල් රාජපක්ෂ විය හැකි බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජේදාස රාජපක්ෂ පවසනවා. එබැවින් වෙනස් කළ යුත්තේ පුද්ගලයා නොව පවතින ක්‍රමය බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද කොළඹ මහාධිකරණය හමුවේ යළි නඩු 05 ක් ගොනු කළා. ඒ, අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් සිය නිත්‍යානුකූල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 04කට අධික පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින්.
යෝජිත 21 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තමන් පූර්ණ සහය ලබා දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
රටේ පවතින ආර්ථික හා දේශපාලන අර්බුදවලට එකම විසඳුම පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වී මැතිවරණයකට යෑම බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.
අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා පත්කර තිබෙනවා. මීට පෙර යහපාලන රජය සමයේදීද සාගල රත්නායක මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළේය.
ජනතා විමුක්ති පෙරමුණ අද ආණ්ඩුව භාරගතහොත් හෙට දිනයේ සිට ශ්‍රී ලංකාවට ඩොලර් ගලාගෙන එන්නට පටන් ගන්නා බවත් විදෙස්ගත ශ්‍රමිකයින් හරහා පමණක් මාසිකව ඇමරිකානු ඩොලර් බිලියන එකහමාරක – දෙකක පමණ මුදලක් මෙරටට ගෙන්වා ගැනීමට තම පක්ෂයට හැකි බවත් එම පක්ෂයේ මහලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.
සමගි ජන බලවේගය ගෙන ආ අංග සම්පූර්ණ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජයග්‍රහණය කරවීමට සමගි ජනබලවේගය කටයුතු කරමින් සිටින අතරතුරදී රාජපක්ෂලා සනසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා ආණ්ඩුව කුමන්ත්‍රණ සිදු කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
2023 වසරේ මුල් කාර්තුව තුළ මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. බොහෝදුරට මහ මැතිවරණය මාර්තු මාසයේදී පැවැත්වෙනු ඇත.
සියළු දේශපාලන පක්ෂ රට ගොඩගැනීමේ සිය වැඩ පිළිවෙළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.
කොල්ලුපිටියේ සහ ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේවනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බව පොලීසිය පවසනවා.
පුද්ගලයන් ඉලක්ක කර රැගෙන එන ව්‍යවස්ථා සංශෝධන සඳහා සහාය නොදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් තීරණය කර තිබෙනවා. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 80 කට වැඩි පිරිසක් මෙම තීරණය සමග සිටින බවයි වාර්තා වන්නේ.
Page 159 of 553