හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුල රටින් පිටව නොයන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.
වත්මන් දේශපාලන අර්බුදය හා අරාජිකත්වය නිම කරමින් රට නව මඟකට ගැනීමේ වගකීම භාරගැනීමට ජාතික ජන බලවේගය සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමෙන් පසු පාර්ලිමේන්තුව රැස්කළ යුතු බවයි කථානායකවරයා ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත්තේ.
නව අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 6.30ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පොලීසිය යොදවනවා වෙනුවට ආරක්ෂක හමුදාව යෙදවීම භයානක තත්ත්වයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ එම තීරණය හේතුවෙන් පවතින ගැටළු උග්‍ර වුවහොත් එහි වගකීම එම තීරණ ගත් පිරිස භාරගත යුතු බවයි.
SJB to write to President with proposal today
Reiterates they will not form Government as long as GR remains in office
Sajith says ready to accept responsibility but will not work with crisis instigators
President says all efforts will be made to restore political stability through consensus, within constitutional mandate
Political uncertainty continues with no PM, Cabinet for over 24 hours
Page 158 of 544