Saturday, July 12, 2025
Follow Us
අනුන්ගේ ඇඳුම් ඇඳගෙන පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරු

කාමරයක ජිවත් වූ ඇමති


අද සමහර මන්ත්‍රීවරුන් මේ සභාවට එන්නේ අනුන්ගේ ඇඳුම් ඇඳගෙන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවේදී පවසනවා.

ඔහු සදහන් කරන්නේ කාලකන්නි කුඩුකාරයන් පිරිසක් ගංජා කාරයන් පිරිසක් අරක්කු බී මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනි තැබීම නිසා අද සමහර මන්ත්‍රීවරුන් මේ සභාවට එන්නේ අනුන්ගේ ඇඳුම් ඇඳගෙන මේවාට උල්පන්දම් දුන් දේශපාලන පක්ෂවල අයත් අද මෙතැන සිටිනවා.

ඔහු වැඩි දුරටත් සඳහන් කලේ තමාගේ ගෙදරට 1977 දීත් ගිනි තබා විනාශ කළ බවත් ඒ අවස්ථාවේදී පවුලේ සියලු දෙනා ජීවත් වුණේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ එකම කාමරයක බවත්ය

මාදිවෙල සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිවාස ලබා දීමට තීරණය කළේ අද ඊයේ නොවන බව පැවසූ අමාත්‍යවරයා මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ සිටින පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ට මේ නිවාස හිමිවන බවද සඳහන් කළා.

.Aruna