Friday, February 20, 2026
Follow Us
බැසිල් අද ඉල්ලා අස්වෙයි. නෙළුම් මාවතේ මාධ්‍ය හමුවකුත් කැඳවයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද (09) දිනයේදී සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.

එම ඉල්ලා අස්වීම පිළිබඳ තත්වය පැහැදිලි කිරීම සඳහා අද දිනයේදී බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් ද පැවැත්වීමට නියමිත බව සඳහන්.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දුන්නේ 2021 ජුලි 08 වනදා ය.

Neth