Saturday, July 12, 2025
Follow Us
ආහාර අර්බුධයට හිරු ගෙන් විසඳුමක්

ඇති දේ තියලා යන්න- නැති දේ අරන් යන්න තැනක්


බොහෝ පුවත් මවන ආන්දෝලනත්මක චරිතයක්වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ දිනවල අලුත්ම වැඩකට අත ගසා ඇත. සමගි සහන සෙවන නමින් නම් කොට ඇති මෙම වැඩ පිළිවෙල මගින් රටේ උද්ගතව ඇති ආහාර අර්බුධයට හිටපු මන්ත්‍රීවරිය විසඳුමක් සෙවීමට උත්සහ කර ඇත. ‍‘‘නැති දේ අරන් යන්න. වැඩි දේ තියලා යන්න‘‘ යන තේමා පාඨය පෙරදැරිව ආරම්භ කර ඇති මෙම ප්‍රජාසත්කාරය මිනිසුන් විසින් මිනිසුන් බලා ගන්න සේවයක් ලෙස හඳුන්වා දී ඇත.

මෙම සමාජ සත්කාරය වෙනුවෙන් මේ දිනවල සමගි ජනබලවේගය කාර්යාලයට දිවයිනේ නන්දෙසින් හා විදේස් වලින් ආහාර ද්‍රව්‍ය ලැබෙමින් ඇති බව වාර්තා වේ. මෙතෙක් කලක් සජබ කාර්යාලයට පැමිණි නැති බැරි ජනතාවට එහිදී මෙම ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමේ හැකියාවක් තිබුණද ඊයේ සිට එය තාවකාලිකව නතර කර ඇත.

මේ වන විට මෙම වැඩ පිළිවෙල සම්පූර්ණයෙන්ම දරුවන් කෙන්ද්‍රකරගෙන සිදුකිරීමට තීන්දු කර ඇති අතර ඒ අනුව රෝහල්, පාසල් හා ළමානිවාසවලට ආධාර බෙදීමට ඊයේ සිට ආරම්භකර ඇත. ඒ අනුව මුලින්ම රත්මලානේ අද, ගොලු බිහිරි පාසලට ආහාර ද්‍රව්‍ය ලාබා දී තිබේ.

‘‘අපි කියන්නේ නෑ ඔබේ ආදාර සජබ කාර්යාලයටම බාර දෙන්න කියලා අපි කියන්නේ තමුන්ගේ ආයතනයේ , පොලිසියේ, පන්සලේ මේ වගේ ප්‍රජා ශාලාවක් දාගෙන නැති බැරි පවුල්ටිකක් බලා ගන්න කියලා, මේ ආහාර අර්බුධය විසදෙනකං. ‘‘ එසේ පවසන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙම වැඩ පිළිවෙලට එක්වන ලෙස රටටම ආරාධනා කර සිටී.

Aruna