Thursday, January 01, 2026
Follow Us
විදුලිබල පනතට ඡන්දය විමසද්දී මහින්දානන්ද මාරුවෙයි

අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණුනු ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පතට ඡන්දය විමසීමට සීනුව නාද කරන අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ ජ්‍යේෂ්ඨයකු වන හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊට ඡන්දය ප්‍රකාශ කිරීමට නොරැඳී සභාගර්භයෙන් පිටව ගොස් තිබේ.

මෙම පනත ඉදිරිපත් නොකරන ලෙස ඒ මහතා බලශක්ති අමාත්‍යවරයාගෙන් 09 පෙරවරුවේ ඉල්ලීමක් ද කර තිබුණු බව සඳහන්.

මහින්දානන්ද අලුත්ගමගේ විදුලිබල නියෝජ්‍ය අමාත්‍යවරයකු වශයෙන් ද මීට පෙර කටයුතු කර තිබුණු අතර එම යුගයේ ඔහුට දූෂණ චෝදනා ද එල්ල වී තිබිණි.

LNW