Saturday, July 12, 2025
Follow Us
ධම්මිකට පාර්ලිමේන්තු එන්න බාධාවක්

ධම්මික ආවොත් උසාවිය ඉදිරියේ අභියෝග කළ හැකිලු


බැසිල් රාජපක්ෂගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව ඇතැයිද වාර්තා වේ. ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට පැමිණ ආර්ථිකය, ආයෝජන ප්‍රවර්ධන වැනි ආර්ථිකයට අදාල ප්‍රබල අමාත්‍යධූරයක දිවුරුම් දෙනු ඇති බවද පෙර කී ආරංචි මාර්ග වැඩි දුරටත් කියයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශවයන් විවිධ අදහස් දක්වමින් සිටී. ඒ අතර ධම්මිකට පාර්ලිමේන්තුවට පැමිණීමේ අවශ්‍යතාවක් තිබුණත් ව්‍යවස්ථාව ඊට හරස් වන බව නීති විශාරදයින් පෙන්වා දෙයි.

නමුත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයකු සඳහාන් කරන්නේ ඕනෑම කෙනකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීමට දේශපාලන පක්ෂයකට හැකියාවක් ඇති බවයි.

මේ අදහස පිළිබඳ එක්තරා ප්‍රකට නීතිඥයකු කියා සිටියේ.‘‘ ඔවු ඒක හරි. නමුත් එතැනදී ඒ පත් කිරීම නීතිය ඉදිරියේ අභියෝග කරන්න පුලුවන්‘‘ යනුවෙනි. කිසියම් පුද්ගලයකු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගැනීමට නම් එක්කෝ ඔහු ජාතික ලැයිස්තුවේ සිටිය යුතු බවත් නොඑසේ නම් ඔහු මැතිවරණය තරග කර පරාජය වී සිටිය යුතු බවත් ඔහු පවසයි.
‘‘ කොහොමත් මම හිතන්නේ නෑ රනිල් ඔහුට අවස්තාවක් දෙයි කියලා. මොකද රනිල් දැනටමත් මුදල් ඇමැති විදිහට වැඩ කරනවානේ‘‘ යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

Aruna