Saturday, July 12, 2025
Follow Us
වත්මන් බලශක්ති අර්බුදය සහ එහි සැඟවුණු මාෆියාව ගැන සජිත්ගෙන් හෙළිදරව්වක්

රටේ අනාගතය ඇත්තේ පුනර්ජනනීය බලශක්තිය මත වුවත් ඊට මුවාවී කූඨ ලෙස තරගකාරීත්වය ඉවත්කොට පුනර්ජනනීය බලශක්තිය පාවාදීමේ කටයුත්තට සමගි ජන බලවේගය හෝ සමගි ජන සන්ධානය එකඟ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එය ප්‍රතිගාමී කටයුත්තක් වන අතර අර්බුදයට මුවාවී තමතමන්‍ට මුදලක් සොයාගැනීමේ න්‍යායපත්‍රය දිගැහැරෙමින් තිබෙන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

විශේෂයෙන්ම ටෙන්ඩර් පටිපාටියට බැහැරව ව්‍යාපෘති පාවාදීමේ දූෂිත කටයුත්තට සමගි ජන බලවේගය විරුද්ධ බවයි විපක්ෂ නායකවරයා අවධාරණය කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ අද වන විට පැනනැගී ඇති බල ශක්තිය අර්බුදය සහ එහි සැඟවුණු මාෆියාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරමිනි.

LNW