Thursday, January 01, 2026
Follow Us
සිරිපාල වාරණ නියෝගයක් ගනී

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් නෙරපා හැරීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

අමාත්‍යවරයා කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුව මෙම වාරණ නියෝගය නිකුත් කර ඇත.

නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය පෙත්සම මගින් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හෝ මහලේකම්ට හෝ මධ්‍යම කාරක සභාවට පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව තමාව පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට බලයක් නොමැති බවයි.

කරුණු සළකා බැලූ අධිකරණය, නිමල් සිරිපාල ද සිල්වා මහතා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වාරණය කරමින් ශ්‍රීලනිප සභාපතිවරයා ඇතුළු නිළධාරීන්ට මෙම වාරණ නියෝගය නිකුත් කළේය.

LNW