Thursday, January 01, 2026
Follow Us
ආශු මාරසිංහටත් රනිල්ගෙන් තනතුරක්

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ආශු මාරසිංහ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයා ලෙස පත්කර තිබේ.

තමන් නව තනතුරෙහි කිසිදු වැටුපක් හෝ දීමනාවක් ලබාගැනීමකින් තොරව කටයුතු කරන බවයි ආශු මාරසිංහ මහතා සඳහන් කරන්නේ.

2015 මහමැතිවරණයෙන් එජාප ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ ආශු මාරසිංහ මහතා එම රජය සමයේ ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරයෙකු ලෙස ද අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික කාරකසභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

LNW