Thursday, January 01, 2026
Follow Us
දිලිප් වෙදආරච්චිගේ පුතාට සහ ලේලිට ඇප

වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද දුන් නියෝගය


පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ පුතාට සහ ඔහුගේ ලේලිය ට අධිකරණය මගින් අද (08) ඇප නියම කර තිබේ.

ඔවුන්ට මෙලෙස ඇප නියම කර තිබෙන්නේ වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය මගිනි.

රවිඳු වෙදාආරච්චි සහ ඔහුගේ බිරිඳ වන නෙත්මී හරින්දි ද සිල්වා ට පසුගිය 01 වනදා දක්ෂිණ අධිවේග මාර්ගයේ බැදිගම හුවමාරුවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී බලහත්කාරය සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබුණි.

ඉන් අනතුරුව සැඟව සිටි ඔවුන් දෙදෙනා පසුගිය 6වනදා පොලීසියට භාරවූ අතර අනතුරුව ඔවුන්ව අත්අඩංගුවට ගැනුණි.

ඒ අනුව අද (08) දිනය දක්වා ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

 

Aruna