Saturday, July 12, 2025
Follow Us
බැසිල්ගේ ප්‍රශ්නයෙන් 21 යට යයිද?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ අතර හමුවක් සිදුව තිබෙනවා. ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති එම හමුවේදී 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

එම සාකච්ඡාවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසි දෙනෙකු පමණ සහභාගි වී තිබෙනවා. එහිදී 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කළේ කවුරුන් දැයි පොදුජන පෙරමුණේ පාර්ශවයෙන් විමසීමක් කර ඇති අතර එය කවුරුන් විසින් සකස් කළේ දැයි නොදන්නා බව අග්‍රාමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

මේ අතර මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ ධුර කාලය මේ මස 30 වනදායින් අවසන් වීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව ඔහුගේ ධුර කාලය දීර්ඝ කිරීමට හෝ එම ධුරයට නව පත් කිරීමක් සිදු කිරීමට සිදුවනු ඇති. එලෙස ධුර කාලය දීර්ඝ කිරීම හෝ නව පත් කිරීමක් සිදුකළ හැක්කේ ජනාධිපතිවරයාටයි. ඒ සදහා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍යවරයාගේ නිර්දේශය ලබාගත යුතු වනවා.

Neth