වාසුදේවගෙන් පාර්ලිමේන්තුවේදී සැර කතාවක්
ආණ්ඩුවේ පවතින මතවාද නිසා ලාභ මුදලකට රුසියාවෙන් තෙල් මිලදී නොගෙන ආණ්ඩුව ඩොලර් කළාපයෙන් තෙල් මිලදී ගන්නෙ ඇමෙරිකව සමග තරහවීමට ඇති අකමැත්ත නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.
මන්ත්‍රීවරයා මේ වන බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමිනි.
මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර,
රුසියාවෙන් තෙල් ගෙන්නන්නේ නැත්තේ ඇයි ? රුසියාවෙන් 35%ක් අඩු වෙන් තෙල් දෙන්නේ. අන්න ඉන්දියාව ගෙන්වනවා. අන්න සිංගප්පූරුව ගෙන්වනවා. අන්න තායිලන්තය ගෙන්වනවා. 35%ක් අඩුවෙන් ඇයි අපි ගෙන්වන්නේ නැත්තේ ඇමෙරිකාව තරහ වෙන නිසා. ඔන්න මතවාදය ඇවිල්ලා කිපෙන තැන. මතවාදය අපට ඕනෙ නෑ. නමුත් මතවාදය නිසා ලාභෙට ලැබෙන රුසියානු තෙල් අපි ගෙන්වන්නේ නැතිව අපි අද ඩොලර් කළාපයේ ප්‍රදේශ වලින් තෙල් මිලදී ගන්නට අපි තීන්දු කරලා තියෙනවා. එය කිරීම නිසා අද දීර්ඝ කාලීන ණය පහසුකම අපි අත්හැරලා තියෙනවා රුසියාවෙන් දෙන.
මම දන්න හැටියට රුසියාවේ තානාපතිතුමා ලියුමකුත් එවලා තියෙනවා අපේ බලශක්ති ඇමතිතුමාගේ අමාත්‍යංශයට, එතුමා දැක්කාද කියලා මං දන්නේ නෑ. මම ලෑස්තියි රුසියාවෙන් තෙල් ලබාදීමේ වැඩපිළිවෙළ ගැන කතාකරන්න. කො කතාකරන්න ගියාද ? මේ වගේ අපරාධයක් තවත් තියෙන්න පුළුවන් ද ? මිනිස්සු තිරිසන්නු වගේ හැසිරෙනවා තෙල් පෝලිම් වල ගෑස් පෝලිම් වල. භූමිතෙල් පෝලිම් වල. බලාගෙන ඉන්න අමාරුයි අපිට. මේ අපේ ලංකාවද මේ වගේ අපායක් වුනේ. අඩුගානේ මේ කාරනේ බුරුල් කරන්න, රුසියාවෙන් තෙල් ලබා ගැනීමට මැදිහත් වෙන්න කියලා මම මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
Aruna