Saturday, July 12, 2025
Follow Us
AEROFLOT ගුවන් යානය ගැන හිටපු ජනපති මෛත්‍රීත් ට්විටර් පණිවිඩයක් තබයි

Aeroflot ගුවන් යානය පියාසර කිරීම වළක්වාලමින් නිකුත් කරන ලද අධිකරණ නියෝගයෙන් පසු මතු වූ තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

රුසියාව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවති ඓතිහාසික සබඳතාවලට තර්ජනයක් වන පරිදි වත්මන් ආණ්ඩුව ක්‍රියාකරන ආකාරය පිළිබඳව අතිශයින් කණගාටුවට පත්ව සිටින බවයි හිටපු ජනාධිපතිවරයා එමඟින් පවසා ඇත්තේ.

“සෝවියට් යුගයේ සිටම රුසියාව අපේ පැරණි මිත්‍රයෙකි. එම ඓතිහාසික සබඳතාව මා ජනාධිපති ධූරය දරන සමයේ තවදුරට ත් ශක්තිමත් විය.රුසියාව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවති ඓතිහාසික සබඳතාවලට තර්ජනයක් වන පරිදි වත්මන් ආණ්ඩුව ක්‍රියාකරන ආකාරය පිළිබඳව අද මම අතිශයින් කණගාටුවට පත්ව සිටිමි.” ලෙස එහි දක්වා ඇත.

නීතිපතිවරයාගේ කරුණු දැක්වීමෙන් පසු එම ගුවන් යානයට ශ්‍රී ලංකාවෙන් පිටවීම වළක්වමින් නිකුත් කරන ලද අධිකරණ නියෝගය අත්හිටුවීමට අද දින කොළඹ වාණිජ මහාධිකරණය නියිගයක් නිකුත් කරන ලදී.

LNW