Saturday, July 12, 2025
Follow Us
රුසියානු ගැටළුවට වහා මැදිහත් වන්නැයි ජවිපෙ ආණ්ඩුවට කියයි

රුසියාවට අයත් එයාර්ෆ්ලොට් ගුවන් යානය මෙරට රඳවා ගැනීම රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්නයක් නොවන බවට මෙරට ආණ්ඩුව ප්‍රකාශ කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ප්‍රමාදවී හෝ මෙම එම ගැටළුව නිවැරදි කිරීමට ආණ්ඩුව වහාම මැදිහත් විය යුතු බවයි එම පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවේ.

රට තුළ තවමත් දේශපාලන ස්ථාවරත්වයක් ස්ථාපිත නොවීම හේතුවෙන් එවැනි ගැටළු නිර්මාණය වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මෙම ගැටලුව සමථයකට පත් කර ගැනීම සදහා නීතිපතිවරයා අද අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිත බවයි වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඊයේ පැවති මාධ්‍ය හමුවකදි ප්‍රකාශ කළේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රුසියානු රජයට දැනුම්දී ඇත්තේ ගුවන් යානයේ ගැටළුව දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් නොවන බවයි. ගැටළුව විසදීම සදහා අධිකරණ ක්‍රියාදාමය කඩිනම් කරන ලෙස අධිකරණ අමාත්‍යවරයා වෙත අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බවද වාර්තා වුණා.

Neth