Thursday, January 01, 2026
Follow Us
මන්ත්‍රී රාජිතගෙන් එජාප ප්‍රබලයෙකුට චෝදනාවක්

නව ආණ්ඩුව පත් වීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙක් ව්‍යාපාරිකයින් ඇතුළු විවිධ පුද්ගලයින්ගෙන් කොමිස් ලබා ගනිමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න චෝදනා කරනවා. ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කළා.

එහිදී නම් සදහන් වූ ආයතනයේ ඉහල කළමණාකාරිත්වයෙන් නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. එම ආයතනයේ ඉහල පෙළේ නිලධාරියෙකු කියා සිටියේ එවැනි කිසිදු ආකාරයක කොමිස් ඉල්ලීමක් සිදුව නොමැති බවයි.

කොමිස් ඉල්ලූ බවට නම සදහන් බව දේශපානඥයා සහ සිය ආයතනයේ ප්‍රධානියා අතර හමුවීමක් හෝ සාකච්ඡාවක් හෝ සිදුව නොමැති බවද එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.

Neth