Saturday, February 21, 2026
Follow Us
Political

පක්‍ෂ, පාට භේද අමතක කර සියලු පාර්ශව එක්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මාතර පැවති විරෝධතා පාගමනකට එක්වෙමින් සදහන් කළේ රට ගොඩනැගීම සදහා සියලු පාර්ශවයන්යන්ගෙන් සැදුම්ලත් මහජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බවයි.

Political

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පනත් කෙටුම්පත ගැසට් කර සති පහකින් අනතුරුව පාර්ලිමේන්තුවේ විවාදයට ඉදිරිපත් කල හැකි බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ පවසනවා.

Political

ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කිරීමට නොහැකි නම් ට්විටර් පණිවිඩවලින් සමාව නොගෙන වහාම ඉවත් වන ලෙසත් එසේ ඉවත් වන්නේ නම් සමගි ජන බලවේගයේ දක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ රට බාර ගෙන දශලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය මතය අනුව ඉදිරි වසර 5ක කාලය තුළ අනිවාර්යෙන් පෙර තිබූ තත්ත්වයටම රට ගොඩනගන බවත්, එහි දී වංචාවට දූෂණයට ඉඩ නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

පවතින ප්‍රශ්නවලට ආණ්ඩුව කිසිම විසඳුමක් නොදෙන තත්ත්වයක ජනතාව සමඟ කැරැල්ලට එකතු වෙන දවස වැඩි ඈතක නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

Political

දේශපාලඥයින් වරාය අධිකාරිය සිය දේශපාලන කටයුතු සඳහා යොදා ගන්නා බවට කොළඹ නැව්ගත කරන්නන්ගේ අධ්‍යාපන පීඨයේ ප්‍රධාන විධායක නිලධාරී රොහාන් මාස්කෝරාළ චෝදනා කරනවා. විෂයභාර අමාත්‍යවරුන් වරාය අධිකාරියට සුදුසුකම් නොමැති 1000 කට අධික පිරිසක් එකවර සේවයට බඳවා ගන්නා බවයි ඔහු පැවසුවේ.

Political

පෞද්ගලික වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම නවතා දමමින් ඊයේ (27) මධ්‍යම රාත්‍රියේ සිට ඇතිවූ තත්වය “ලොක්ඩවුන්” තත්වයක් යැයි වරදවා වටහා නොගන්නා ලෙස අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Political

ඉන්ධන ගැන සාගලගෙන් අනාවරණයක්

Political

ජාතික පශු සම්පත් මණ්ඩලයෙන් පොලිසියට පැමිණිල්ලක්

Political

තමන් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරය භාරගත්තේ එහි කටයුතු කඩිනමින් ඉටුකිරීම සඳහා තම පුද්ගලික ධනයෙන් මසකට රුපියල් මිලියන 50 බැගින් වියදම් කිරීමට මුදල් වෙන්කරගෙන බව අමාත්‍ය ධම්මික පෙරේරා මහතා පවසයි.

Political

පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි රජයට බලපෑම් කරන ලෙසට මෙරට සිටින ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේගෙන් ඉල්ලීමක් කළ බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසනවා.

Political

කතානායක මාධ්‍ය වැඩමුළුවේදී පැවසු කතාව

Political

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාට ඊයේ (27) පැලවත්ත ප්‍රදේශයේදී දැඩි මහජන විරෝධයක් එල්ල වී තිබිණි.

Political

වසර දෙකක් තිස්සේ විනාශ කළ රටක් එක දවසකින් දෙකකින් ගොඩදැමිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා. එනිසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රට ගොඩනැංවීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතු බවයි නියෝජ්‍ය නායකයා පෙන්වා දෙන්නේ.

Political

ජනාධිපතිවරයා හිටියත් නැතත් අගමැතිකම සහ කැබිනට් මණ්ඩලය භාර දෙන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණේ අනුර දිසානායකට රට ගොඩගැනීමට මාස 06න් හැකි නම් සියලු දෙනා එකතු වුණොත් එය මාස 03න් කළ හැකි හෙයින් සියලුම දෙනා නියෝජනය වන සර්ව පාක්ෂික ආණ්ඩුවක් දැන් හෝ සාදා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

Political

පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමත කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනාධිපතිවරයාගෙන් අද තවත් සංශෝධනයක් ඉදිරිපත් වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ජනාධිපතිවරයා ඉදිරිපත් කරන සංශෝධනද සමගින් අද කැබිනට් රැස්වීමේදී 22 සඳහා යළිත් අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

Political

පවතින ආර්ථික අර්බුදය හමුවේ ක්ෂේත්‍ර කිහිපයකට බලපා ඇති ගැටලු විසදීමට මේ වන විටත් රජය මැදිහත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහන්දානන්ද අලුත්ගමගේ පවසනවා.

Political

ධම්මික පෙරේරා අමාත්‍ය ධූරය දරණ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට අයත් කාර්යයන් සහ රාජකාරී ඇතුලත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. ඒ අනුව එම අමාත්‍යාංශයට ඇතුලත් කර ඇති ආයතන ගණන 7ක්.

Political

ආණ්ඩුවට සම්බන්ධ වී ඇමති තනතුරක් ලබා ගත්තේ රට වැටී තිබෙන ආගධයෙන් ගොඩ ගැනීමේ වගකීමට උරදීම සඳහා බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. සමගි ජන බලවේගයේ සිටියේ නම් මේ වනවිටත් ආණ්ඩුව පෙරළා ප්‍රධාන කැබිනට් තනතුරක් ගැනීමට අවස්ථාව තිබියදී එසේ නොකළේ ජනතාවගෙන් පළි ගැනීමට නොහැකි නිසා බවද ඇමතිවරයා පවසනවා.