නිවස ගැනි තැබූ විදිහ ගැන රනිල් හෙළි කරයි
පසුගිය ජූලි මස 9 වනදා පක්ෂ නායක හමුවේදී සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටවූ පසු තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වන බවට කළ ප්‍රකාශය විකෘති කරමින් , තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කළ බව පවසමින් රවුෆ් හකීම් තැබූ ට්විටර් පනිවිඩය සිරස ඇතුලු සියලු මාධ්‍ය පුචාරය කළ බවත් ඉන්පසුව අග්‍රාමාත්‍යවරයා ලෙස තමන් එම ප්‍රකාශය නිවැරදි කරමින් ප්‍රකාශ තුනක් නිකුත් කළ බවත් එහිදී අනිත් මාධ්‍ය එම ප්‍රකාශය පළ කළ නමුත් සිරස එම ප්‍රකාශ පළ නොකළ බවත් පසුව තමන් සිරස බලධාරීන්ට තුන් වරක් කතාකර “මේක මෙහෙම කරන්න එපා .මෙහෙම කළොත් මිනිස්සු අපේ ගෙවල් ගිණි තියයි ” කියා පැවසූ බවත් ඒ පිළිබඳව සිරස කිසිදු අවධානයක් යොමු නොකොට අවසානයේ තමන්ගේ නිවස අසල කලහකාරීව හැසිරුණු පිරිස් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය පිළිබඳව පෙන්වමින් තමාගේ නිවෙසට පැමිණෙන මාර්ග පවා පෙන්වමින් සිදුකළ ප්‍රචාරය නිසා අවසානයේදී තමන්ගේ නිවෙස ගිනිබත් වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
හෙතෙම මේ අදහස් පල කළේ අද (11) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ඔහු වැඩි දුරටත් සඳහන් කලේ රට සාමාන්‍ය තත්ත්වයට හැරවීමට අවුරුදු හතරක කාලයක් වත් යන බවට imf සංවිධානයත් ප්‍රකාශ කර ඇති බවයි.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කරන්නේ තමාට ලංකාවෙත් විදෙස් රටවලත් ඇති එකම නිවාසය ගිනිබත් වූ බවත් එම නිවාසයේ තිබුණු වටිනාම දේ තමාගේ පුස්තකාලය බවත්ය.
එමෙන්ම ඔහ සදහාන් කළේ තමන්ගෙන් පසු මෙම නිවස , පුසතකාලය හා වටිනා චිත්‍ර කෙළඹ රාජකිය විද්‍යාලය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයට පැවරීමට සුදානම්ව සිටි බවයි.
Aruna