ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වී තිබෙනවා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ගැනීමට සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රීවරුන් පිරිසක් එකඟතාව පල කර ඇති බව මීට පෙර වාර්තා වුණා. ඒ අනුව හිස්වන අග්‍රාමාත්‍ය ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පත් කර ගැනීමටයි එහිදී යෝජනාවක් ඉදිරිපත් වී ඇත්තේ.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පත්කර ගත යුතු බවටද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තවත් මන්ත්‍රී කණ්ඩායමක් යෝජනා කර ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා.
මේ අතර අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ තරඟයට සිය පක්ෂය ඉදිරිපත් නොවන බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේ්‍යෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේ.
Neth