තීරණාත්මක අවස්ථාවක් එලඹී ඇත
රට මේ වන විට ඉතාමත් තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇති බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.
මෙවැනි මොහොතක සියලු දේශපාලන ව්‍යාපාර, පොදු ජනතාව ඉතා බුද්ධිමත්ව කටයුතු නොකළහොත් රට තුළ විශාල වියවුලක්, ඛේදවාදකයක් නිර්මාණය වීමේ ඉඩ ඇති බව ඔහු පෙන්වා දෙයි.
අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ අද (13) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු අනුර කුමාර දිසානායක,
“මේ වන විට රට ගත කරමින් තිබෙන්නේ තීරණාත්මක පැය කිහිපයක්. රට ඉතාමත් තීරණාත්මක ඛේදවාචකයක් අභියසක ඉන්නවා. අප ඇයි ඔබට එහෙම කියන්නේ.
විශේෂයෙන්ම කථානායකවරයා පහුගිය දවසක ප්‍රකාශයට පත් කළා ජනාධිපතිවරයා 13වැනිදා ඉල්ලා අස්වන බව. නමුත් දැන් සවස් භාගය ඒළඹෙමින් තිබුණත් තාමත් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කරලා නැහැ.
ඒ වෙනුවට ජනාධිපතිවරයාගේ ධූරයේ වැඩබැලීම සදහා රනිල් වික්‍රමසිංහ පත් කළ බවට තමයි අපට දැනට වාර්තා වෙමින් තිබෙන්නේ. දැන් විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ උත්සාහ කරමින් තිබෙන්නේ තමන් වෙත දැන් පවරා ගන්නා ලද බලය ඉතාමත් මර්දනකාරී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙන් කටයුතු කරන්න. ඒ් අනුව තමයි මේ වන විට බස්නාහිර පළාත තුළ ඇදිරි නීතිය ප්‍රකාශයට පත් කරලා තිබෙනවා.
රටපුරාම හදිසි නීතිය ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ් වගේම ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත බලාත්මක කිරීම සදහා කටයුතු කරමින් තිබෙන බව අපට වාර්තා වනවා.
මේ සිදුවීම් වලින් පෙන්වන්නේ කුමක් ද ? රනිල් වික්‍රමසිංහ හෝ පාලක කණ්ඩායම මේ ප්‍රශ්නය සාමකාමීව, ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාවගේ හඩට ඇහුම්කන් දෙමින්, ජනතාවගේ නැගිටීමට ඇහුම්කන් දෙමින් විසදනවා වෙනුවට ව්‍යවස්ථා ඇතුළේ තමන් වෙත පවරා ගන්නා ලද නීතිමය රෙගුලාසි ඇතුලේ බලය ක්‍රියාත්මක කරමින් රට ඉතාමත් ඛේදවාචකයක් දක්වා තල්ලු කරගෙන යන්න.
විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ හෝ මේ වේලාවේ තීන්දු තීරණ ගන්නා කණ්ඩායම් කල්පනා කරනවා නම් යම් මර්දනකාරී පිළිවෙතකින් මෙම ප්‍රශ්නයට විසදුම් හොයන්න ඔ්නේ කියලා එය අනිවාර්ය ලෙස කෙළවර වන්නේ ඉතාමත් භයානක ඛේදවාචකයකින්.”
Aruna