Friday, January 02, 2026
Follow Us
රටේ පාලනය බාර ගන්න සූදානම් – අනුර

ජනතාවගේ කැමැත්ත සහ පාර්ලිමේන්තුවේ සංයුතිය පිළිබඳ දැවැන්ත පරස්පරයක් නිර්මාණය වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මේ නිසා ඉක්මන් මැතිවරණයක් පවත්වා සැබෑ ජනමතය පිළිබිඹු කරන පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් වර්තමානයේදී රට මුහුණ දී සිටින දැවැන්ත අර්බුදය හේතුවෙන් මහ මැතිවරණයක් පැවැත්වීම තවත් කාලසීමාවකට කල්දැමීමට සිදුවන්නේ නම් එතෙක් රටේ වගකීම බාර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සූදානම් බවද ඔහු සඳහන් කරනවා.

වත්මන් දේශපාලන අර්බුදය හා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රමුඛ 43 වැනි සේනාංකයේ නායකයන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම කරුණු සඳහන් කළේය.

ජාතික ජන බලවේගය සතු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 03 ක් බැවින් පාර්ලිමේන්තුව නියෝජනය කරන තවත් මන්ත්‍රීවරුන් පිරිසකගේද සහයෝගය ලබාගෙන ජාතික ජන බලවේගයට අවශ්‍ය පරිදි පාලනය ගෙනයෑමට අවස්ථාව ලබා දෙන්නේ නම් ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව අනුර දිසානායක මහතා වැඩිදුරටත් පවසනවා.

LNW