Friday, January 02, 2026
Follow Us
අරගලකරුවන් කියන්නේ ජවිපෙ තරුණ, ශිෂ්‍ය, කලා සංවිධානයි අපියි – අනුර

අරගලකරුවන් යනු තමන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගමය, ශිෂ්‍ය සංගමය සහ කලා සංගමය යනාදී පිරිසක් බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ප්‍රශ්නය – අරගලකරුවන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන්න ඔබතුමාලා සූදානම්ද ?

“අනිවාර්යයෙන්ම …. අරගලකරුවෝ කියන්නෙ කවුද ? අපේ සමාජවාදී තරුණ සංගමය, අපේ ශිෂ්‍ය සංගමය, අපේ කලා සංගමය, අපි … අපි අරගලකරුවො නෙවෙයිද ?”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (11) දිනයේදී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් 43 වැනි සේනාංකය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 

LNW