ජනතාවගේ කැමැත්ත සහ පාර්ලිමේන්තුවේ සංයුතිය පිළිබඳ දැවැන්ත පරස්පරයක් නිර්මාණය වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මේ නිසා ඉක්මන් මැතිවරණයක් පවත්වා සැබෑ ජනමතය පිළිබිඹු කරන පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉඩ ලබාදෙමින් සියලුම කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනේ රැඳී සිටින බවත්, BBC පුවත් සේවය සමග සිදුකළ සම්මුඛ සාකච්ජාවේදී තමන්ට ජනාධිපතිවරයා රටින් බැහැරව සිටින
බවට පැවසුවේ වැරදීමකින් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා.
Business leader turned politician and Investment Promotion Minister Dhammika Perera became the latest to step down with immediate effect.
පවත්නා අර්බුදකාරී තත්වය හමුවේ මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම කොටස් කිහිපයකට කැඩීගොස් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. කුමන අර්බුද මධ්‍යයේ වුවද එකට එක්ව සිටි රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ද විවිධ හේතු මත බෙදී වෙන්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයාට ඉවත් වීමට නොහැකි අතර ව්‍යවස්ථාව අනුව ඔහු කටයුතු කරනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසුවේය.
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර සිය අමාත්‍ය ධුරයන් ගෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සිය ධුරවලින් ඉවත්වීමෙන් පසුව ජනාධිපති ධුරයට පත්කරන තැනැත්තා සම්බන්ධයෙන් සහ ගොඩනැගෙන සර්ව පාක්ෂික ආණ්ඩුවේ අගමැති ධුරයට පත්කරන පුද්ගලයා සම්බන්ධයෙන් ඊයේ දිනයේදී සාකච්ඡා රැසක් පැවැත්විණි.
ජනාධිපති අගමැති ඇතුළු පොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් බවත්,ඔවුන් මේ සුන්දර දිවයින විනාශ කළ බවත් එලෙස වැනසූ දේශය ගොඩනැගීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ තමන් සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
රට තුළ මතුව තිබෙන තත්ත්වය මත ජනාධිපතිවරයා සමඟ අගමැතිවරයාද ඉල්ලා අස් විය යුතු බවට පක්ෂ නායක රැස්වීමේදී දැඩිව අවධාරණය කර ඇති අතර ඊට අගමැතිවරයා යම් සාධනීය ප්‍රතිචාරයක් දක්වා ඇති නමුත් එය නිශ්චිත ප්‍රකාශ කර නොමැති බවයි වාර්තා වන්නේ.
Page 145 of 555