Saturday, February 21, 2026
Follow Us
ජනපති ගෝඨාභය සිංගප්පුරුවට ?

මේ වන විට මාලදිවයින බලා ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී එහි සිට සිංගප්පුරුව බලා යාමට නියමිතව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

එල්ලවූ මහජන විරෝධය හමුවේ ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ ඊයේ රාත්‍රියේ ගුවන් හමුදාවට අයත් යානයකින් කටුනායක ගුවන් තොටුපොළේ සිට මාලදිවයින බලා පිටත්ව ගියා.

මේ වන විට එහි රැඳී සිටින ජනාධිපතිවරයා අද රාත්‍රියේ දී මාලදිවයිනේ සිට සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

Neth