Friday, January 02, 2026
Follow Us
සජිත් – රනිල් එකක් බෑ කියයි

අගමැති ධුරය ගැන නැවතත් ප්‍රශ්නයක්


සර්ව පාක්ෂික ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධුරය සඳහා විපක්ෂය විසින් යෝජනා කරන නම අද (15) පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නම අග්‍රාමාත්‍ය ධුරය සඳහා සදහා යෝජනා වූ බවයි.

රංජිත් මද්දුමබණ්ඩාර සදහන් කළේ විපක්ෂයේ පක්ෂ සහභාගිත්වයෙන් (14) පැවති විශේෂ සකච්ඡාවකදී මෙම තීරණය ගත් බවයි.

‍අදාළ සාකච්ඡාවට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂ 10 නියෝජිතයන්, ලංකා කම්කරු කොංග්‍රසය, ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සහ ඩලස් අලහප්පෙරුමගේ නියෝජිතයා ලෙස ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ද සහභාගි වී ඇත.

කෙසේවෙතත් මෙම සාකච්ඡාවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගී වී නොමැත.

මේ අතර සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

Aruna