නීතියට හා සාමයට ඉහළින් කිසිවක් තිබිය නොහැකි බවත්, කිසිවෙක් සිටිය නොහැකි බවත් එනිසා සියලු දෙනා නීතියට යටත් වියයුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරනවා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වී තිබෙනවා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ගැනීමට සාකච්ඡා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර තිබෙනවා.
අගමැතිවරයාට වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි විපක්ෂයේ පක්ෂ නායකයන් අද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා තිබෙනවා. අද පැවති පක්ෂ නායක රැස්වීමේදී ඔවුන් මෙම ඉල්ලීම සිදුකර තිබේ.
7 වන විධායක ජනාධිපති තනතුර මේවනවිට මෘත දේහයක් බවට පත්ව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කනපිට වැඩසටහනට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මේ වන විට මාලදිවයින බලා ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී එහි සිට සිංගප්පුරුව බලා යාමට නියමිතව ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ දක්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාරදී නොමැති බවත් අද දිනය තුලදී එම ලිපිය යොමු කරනු ඇති බව කථානායක කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටිනවා.
අරගලකරුවන් යනු තමන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගමය, ශිෂ්‍ය සංගමය සහ කලා සංගමය යනාදී පිරිසක් බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගැනීමට පාර්ලිමේන්තුවේ සෙසු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව සමඟි ජන බලවේගය පවසනවා. එම පක්ෂයේ ජාතින සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශවවල එකඟතාව ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අනිවාර්යයෙන්ම ඉල්ලා අස්විය යුතු බවත් එසේ නොමැතිව ඔහු වැඩබලන ජනාධිපති ධුරයට පත්වීමට උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව තම සටන් ක්‍රියාමාර්ග සහතිකවම ඉදිරියටම ක්‍රියාත්මක කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
තමන්ගේ සහ තම පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන තුරු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රමාද වෙන තත්වයක් නිර්මාණය වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
හෙට දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත් කර ගන්නා තෙක් ජනාධිපති ධූරයේ වැඩ බැලීම කවුරුන් වෙත හිමි වේදැයි මේ වන විට බොහෝ පාර්ශවවල සාකච්ඡාවට බදුන්වන මාතෘකාවක් වී තිබෙනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුවට ඉවත්ව යන ලෙස බලකරමින් පසුගිය 09 වනදා කොළඹදී පැවති ජනතා අරගලයට අති විශාල ජනකායක් එක්ව සිටියා.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස කවුරුන් පත් වුවද ඔහු පිළිගැනීමට ජනතාව සූදානම් වන්නේ නම් කිසිදු ගැටලුවකින් තොරව නව ජනාධිපතිවරයාට සහාය ලබාදීමට සිය කණ්ඩායම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
Page 144 of 555