ලබන සතියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම තියුණු මුහුණුවරක් ගනු ඇති බවට වාර්තා පල වනවා. ඒ සඳහා ඉදිරිපත් වන බවට ප්‍රකාශ කර ඇති අපේක්ෂකයින් ජයග්‍රහණය කරවීම සඳහා එම අපේක්ෂකයින්ට සහය දක්වන පාර්ශව මේ වන විට මෙහෙයුම් අරඹා ඇති බවයි වාර්තා වන්නේ.
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට කණ්ඩායම් 04ක් උත්සහ දරමින් සිටින බවටද වාර්තා පල වනවා. ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හැරුණු කොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සිටින මන්ත්‍රීවරුන් 128 දෙනෙකු අතරින් 112 දෙනෙකු පමණ රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට සූදානමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
එහිදී නිවාස ගිනි තැබීමට ලක්වූ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ. සමඟි ජන බලවේගය ඇතුළු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සහ ආණ්ඩුවේ සිට ස්වාධීන වූ කණ්ඩායමේ 12 දෙනෙකුගේ සහයද රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවනු ඇති බව එම වාර්තා අනාවරණ කරනවා. ඒ අනුව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මන්ත්‍රීවරුන් 136 දෙනෙකෙුගේ පමණ සහය ලැබෙනු ඇති බවටයි එම පාර්ශවය විශ්වාසය පළ කරන්නේ.
කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහය දක්වන ස්වාධීන පක්ෂ 10 ඇතුළු කණ්ඩායම අතර පොදු එකඟතාවක් ඇති වුවහොත් එම තත්ත්වය වෙනස් විය හැකි බවටද දේශපාලන ආරංචි අනාවරණ කරනවා.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට එකඟ වී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ජනාධිපති අපේක්ෂකත්කවය සඳහා ඉදිරිපත් වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 56 දෙනෙකු පමණ ඔහුට සහය දැක්වීමට සූදානමින් සිටින බවටද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.
එවැනි තත්ත්වයක් යටතේ සමඟි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය සහ ස්වාධීන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහය පල කළ හොත් ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගත හැකි වනු ඇති බවයි තවත් පාර්ශවයක් පෙන්වා දෙන්නේ. ඒ අනුව, ඉදිරි දින කිහිපය තුල ජනාධිපතිවරයා තොරා පත් කර ගැනීම සම්බන්ධයෙන් තීරණාත්මක වෙනස්කම් සිදු විය හැකි බව දේශපානය ආරංචි මාර්ග සදහන් කරනවා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 56 දෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමට සහය ලබාදීමට සූදානමින් සිටින බව වාර්තා වනවා. ඒ අනුව සමගි ජන බලවේගය සහ දෙමළ ජාතික සංධානයේ සහය ලබා ගැනීමට හැකි නම් ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී වැඩි වාසියක් ලබාගැනීමට අවස්ථාවක් පවතින බවයි වාර්තා වන්නේ.
Neth