අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත දඬුවම් ලබා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ජනාධිපති සමාව ලබාදීමට සුදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
හිටපු මන්ත්‍රීවරයාට ජනාධිපති සමාව ලබාදීම සඳහා අවශ්‍ය නෛතමය කටයුතු මේ වන විට සුදානම් කිරීමට උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
අධිකරණ විනිසුරුතුමන්ලා සහ නීතිඥයින් සම්බන්ධව 2017 වසරේදී සිදුකරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත නඩු පවරනු ලැබුවා.
ඒ අනුව පසුගිය වසරේ ජනවාරි මස 12 වෙනිදා රන්ජන් රාමනායක හට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර හතරහාමාරක සිරදඬුවම් නියම කරනු ලැබුවා.
Neth