Friday, January 02, 2026
Follow Us
සජිත්ට අගමැති වෙන්න ශ්‍රීලනිපයේත් සහාය

මහ මැතිවරණයක් පවත්වන තුරු තාවකාලික ආණ්ඩුවේ අගමැති ධුරය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුදුසු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එම පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසන්නේ විපක්ෂ නායකයා විකල්ප ආණ්ඩුව ලෙස සලකන බැවින් ඔහුට ඒ අවස්ථාව හිමිවිය යුතු බවයි.

මේ වනවිට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට සහභාගිවීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති හෙයින් නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමට අදාල කටයුතු සාකච්ඡා කිරීම සඳහා අද විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කතානායකවරයා පියවර ගෙන තිබිණි.

LNW