Friday, January 02, 2026
Follow Us
ජනපතිගේ ඉල්ලා අස්වීම ගැන කතානායකගේ නිල දැනුම්දීම අද

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් අද දිනයේ නිල වශයෙන් ප්‍රකාශ කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා. විද්‍යුත් තැපෑල හරහා යොමු කර ඇති අදාළ ලිපිය කථානායකවරයා වෙත ඊයේ ලැබුණු බවයි කථානායක කාර්යාලය තහවුරු කළේ.

කෙසේවෙතත් එම ලිපියේ වලංගු භාවය තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඒ පිළිබඳ අද ප්‍රකාශයට පත් කරන බව කථානායක කාර්යාලය සඳහන් කළා.

මේ අතර ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යවල සංසරණය වන ලිපිය ව්‍යාජ එකක් බව ජනාධිපති කාර්යාලය පවසනවා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපියේ මුල් පිටපත අද අලුයම සිංගප්පූරුවේ සිට කොළඹට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබූ බවයි වාර්තා වුණේ.

Neth