Friday, January 02, 2026
Follow Us
අනුර යාපාත් ජනපති සටනට එයි

පාර්ලිමේන්තුවේදී ලබන 20 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට අපේක්ෂකයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපාද ඉදිරිපත් වීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා ඇතුඑ කණ්ඩායමක් ඉකුත් කාල සීමාවේදී ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමක් ලෙස කටයුතු කළා.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමද ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වන බව ප්‍රකාශ වී තිබෙනවා. වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට සහය දක්වන බවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමට ඉදිරිපත් වීමට නියමිත බවට ප්‍රකාශයට පත් වී ඇති අපේක්ෂකයින් ගණන 04ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

Neth